නොදුටු කන්‍යාවිය

නොදුටු කන්‍යාවිය

ඉකිගසා හඬන කඳුලක
විරහව දකින්නට
නෙතු අතර පොපියනා උන්මාදයට
කෙසේ නම් පද බඳින්නද
වැළපෙනා හදවත

දූවිල්ලෙන් වැසුණු වත
ආදරයෙන් පිසදමන්ට
කෙනෙකු ඒ දෝ නො ඒ දෝ
බලා සිටිමි මම
විසි වසරක සිට

ඔබේ නෙතු මා අසල නවතින
දිනය කවදා දැයි කියනු මැන
කන්‍යාවියකව වියැකෙන්නට
නොහැක මට
මේ පොත් ගුල තුළ

නුඹට පෙම් බැඳිය හැකි

නොදුටු පොත මම.....

Comments

Popular posts from this blog

අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය (Different Association Theory)

මේ ලෝකෙට යන්න කලින් මේ ටිකත් දැනගන්න