Posts

Showing posts from 2017

මේ ලෝකෙට යන්න කලින් මේ ටිකත් දැනගන්න

Image
මේ ලෝකෙට යන්න කලින් මේ ටිකත් දැනගන්න සයිබර් ලෝකෙත් මහ පුදුම ලෝකයක්. හැම කෙකේගෙම දෙවෙනි ජීවිතය. මේක අස්සෙ මොනවද කරන්න බැරි. අල්ලන්න බැරි ටික විතරයි. වැඩේ කියන්නෙ එක මිනිහෙකුට වෙස් මූණු සීයක් වුනත් දාගෙන ඇවිදින්න පුලුවන්.  අපරාධ කරන්න ම බලන් ඉන්න උන්ට නම් කියාපු තැන. මේ වෙන කොට මේ ලෝකෙ මුඩුක්කුවක් වගේ. ගන්න දෙයක් නෑ. හරි වැඩේ කියන්නෙ මේ මුඩුක්කුවට යන්න අපේ අයට තියෙන හදිස්සිය. කොහොම උනත් මේ ලෝකෙට යන හැමෝම දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ජාමෙ බේරගෙන ඉන්න එක. බොහෝ දෙනෙක් ඉල්ලං කරදරවල පැටලෙනවා. ඒ නිසා සයිබර් අපරාධ ගැන ටිකක් හරි දැනගෙන ඉන්න එක වටිනවා. එහෙම හිතෙනවා නම් මේක කියවන්න. http://criminoeye.blogspot.com/p/blog-page.html

නොදුටු කන්‍යාවිය

Image
නොදුටු කන්‍යාවිය ඉකිගසා හඬන කඳුලක විරහව දකින්නට නෙතු අතර පොපියනා උන්මාදයට කෙසේ නම් පද බඳින්නද වැළපෙනා හදවත දූවිල්ලෙන් වැසුණු වත ආදරයෙන් පිසදමන්ට කෙනෙකු ඒ දෝ නො ඒ දෝ බලා සිටිමි මම විසි වසරක සිට ඔබේ නෙතු මා අසල නවතින දිනය කවදා දැයි කියනු මැන කන්‍යාවියකව වියැකෙන්නට නොහැක මට මේ පොත් ගුල තුළ නුඹට පෙම් බැඳිය හැකි නොදුටු පොත මම.....

අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය (Different Association Theory)

Image
අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය   (Different Association Theory)     අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරනු ලැබූයේ එඞ්වින් සදර්ලන්ඞ් විසිනි. ඔහු චිකාගෝ ගුරුකුලයට අයත් සමාජ විද්‍යාඥයෙක් වන අතර අන්තර්කි‍්‍රයාවාදියෙකු ලෙස ප‍්‍රචලත ය. මෙම න්‍යාය තුළින් ඔහු පෙන්වා දෙනු ලබන්නේ අපරාධකරුවෙකු ක‍්‍රමයෙන් අපරාධකාරී චර්යාවන් ඉගෙන ගන්නා ආකාරයයි. මිනිසා පරිසරයේ බලපෑමට අනුවර්තනය වීමේ කි‍්‍රයාවලිය තුළින් සාපරාධී චර්යාවක් කරා යොමු වන අන්දම පැහැදලි කිරීමට ඉදිරිපත් කරනු ලැබූ අපරාධ විද්‍යාත්මක න්‍යායන් අතර අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය මූලික වේ. 1934 දී මහාචාර්ය සදර්ලන්ඞ් විසින් සම්පාදිත ” අපරාධ විද්‍යාවේ මූලධර්ම ” (Principal of Criminology) නම් ග‍්‍රන්ථයෙන් මෙම න්‍යාය ක‍්‍රමික සූත‍්‍රකරණයට ලක් වුව ද මෙම කෘතිය රචනයට පෙර ඔහු විසින් ලියන ලද කෘතීන්හි මෙම න්‍යායේ මූලික අදහස් ගැබ්ව පැවතුණු බවට සාධක ඇත. මිනිසාගේ කි‍්‍රයාකාරකම් තමා අවට ජීවන සන්දර්භය වෙතට පවතින අනුකලනය (Integration) හා ඒකලනය (Isolation) මතින් පැන නගින්නේ යැයි මෙහි සාරයයි . මිනිසා සිය සමාජ ජීවිතයට අනුගත වීම හෝ එය ප‍...