අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය (Different Association Theory)
අන්තර් ආශ‍්‍රය
පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරනු ලැබූයේ එඞ්වින් සදර්ලන්ඞ් විසිනි. ඔහු චිකාගෝ
ගුරුකුලයට අයත් සමාජ විද්‍යාඥයෙක් වන අතර අන්තර්කි‍්‍රයාවාදියෙකු ලෙස ප‍්‍රචලත ය.
මෙම න්‍යාය තුළින් ඔහු පෙන්වා දෙනු ලබන්නේ අපරාධකරුවෙකු ක‍්‍රමයෙන් අපරාධකාරී
චර්යාවන් ඉගෙන ගන්නා ආකාරයයි. මිනිසා පරිසරයේ බලපෑමට අනුවර්තනය වීමේ කි‍්‍රයාවලිය
තුළින් සාපරාධී චර්යාවක් කරා යොමු වන අන්දම පැහැදලි කිරීමට ඉදිරිපත් කරනු ලැබූ
අපරාධ විද්‍යාත්මක න්‍යායන් අතර අන්තර් ආශ‍්‍රය පිළිබඳ න්‍යාය මූලික වේ. 1934 දී මහාචාර්ය
සදර්ලන්ඞ් විසින් සම්පාදිත ”අපරාධ විද්‍යාවේ
මූලධර්ම” (Principal of Criminology) නම් ග‍්‍රන්ථයෙන්
මෙම න්‍යාය ක‍්‍රමික සූත‍්‍රකරණයට ලක් වුව ද මෙම කෘතිය රචනයට පෙර ඔහු විසින් ලියන
ලද කෘතීන්හි මෙම න්‍යායේ මූලික අදහස් ගැබ්ව පැවතුණු බවට සාධක ඇත.
මිනිසාගේ කි‍්‍රයාකාරකම්
තමා අවට ජීවන සන්දර්භය වෙතට පවතින අනුකලනය (Integration) හා ඒකලනය (Isolation)
මතින් පැන
නගින්නේ යැයි මෙහි සාරයයි. මිනිසා සිය
සමාජ ජීවිතයට අනුගත වීම හෝ එය ප‍්‍රතික්ෂේප කිරීම හෝ අභිබවා යාම පුද්ගල
චර්යාවන්ගෙන් නිරූපණය වන්නේ යැයි ද තවත් අයුරකින් විග‍්‍රහ කළ හැකිය. මෙය තව
දුරටත් සරලව දක්වන්නේ නම් පුද්ගලයා සිය සමාජ පරිසරය තුළින් චර්යාවන් ඉගෙනගන්නා අතර
එකී ඉගෙනුමට මිනිසා අවට වූ පරිසරය බලපානු ලැබේ.
මේ අනුව
සදර්ලන්ඞ් මෙම වාදය මගින් පෙන්වා දීමට තැත් කරන්නේ ඉගෙනුම් න්‍යායකි (Learning
Theory) ඉගෙනුම පිළිබඳ
චර්යාවාදී දෘෂ්ටියකින් අවධාරිත කරුණු රැසක් ම මෙයට අන්තර්ගත කිරීමට ඔහු ප‍්‍රයත්න
දරා ඇති බව පෙනේ සදර්ලන්ඞ් ඉගෙනුම් වාදය තුළින් සාපරාධී චර්යාව පමණක් නොව සාපරාධී
නොවන චර්යාව ද බිහිවන බව පිළිගනු ලබයි.
පුද්ගලයාගේ
ඉගෙනීම තූළින් ඔහු සමාජය තුළ පිළිගත් චර්යාවන් මෙන්ම නොපිළිගත් ප‍්‍රත්ක්‍ෂෙප
කරන්නා වූ චර්යාවන් ද නිරූපණය කරයි. දැනුම, අවබෝධය මෙන්ම අත්දැකීම ද පාදක කොට ගෙන සමාජ
ජීවිතයට අනුවර්තනය වීමේ කි‍්‍රයාවලියේ දී මුහුණ දෙන ගැටලූ සහ ගැටුම් ඉදිරියේ යම්
යම් අවේගකාරී හැසිරීම් රටාවන් ප‍්‍රදර්ශනය කරනු ලබයි. මෙලෙස ප‍්‍රදර්ශනය කෙරෙන ආවේගකාරී හැසිරීම්
රටාවන් අපගාමී හෝ අපරාධකාරී චර්යාවන් බවට පත්වේ. සදර්ලන්ඞ්ට අනුව පුද්ගලයා පවතින
සමාජ ජීවිතයට අනුවර්තනය වීමේ දී ඇති වන ගැටලූවල ප‍්‍රතිඵලයක් ලෙස අපරාධකාරී
චර්යාවන් උපදී.
වඩාත්
සවිස්තරාත්මකව සදර්ලන්ඞ් පෙන්වා දෙන්නේ සාපරාධී චර්යාව අතීත අත්දැකීම් මගින්
නිර්ණය කරනු ලැබුවා වූ ද, වර්තමාන
තත්ත්වයන්ගෙත් උදාකරනු ලැබුවා වූ ද චර්යාත්මක ප‍්‍රතිඵල වශයෙන් උද්ගත වන්නක් බවයි.
එනම් පුද්ගලයාගේ අතීත අත්දැකීම් හා වර්තමාන තත්ත්වය අපරාධකාරී චර්යා සඳහා බලපාන
බවයි. එහි දී පහත සඳහන් සාධක බලපානු ලබයි.
1 අදහස
2 පේ‍්‍රරණය
3 ප‍්‍රතිකි‍්‍රයාව
4 පේ‍්‍රරණ
සානුබලය ආදිය.
සදර්ලන්ඞ් මෙම
න්‍යය ප‍්‍රධාන අවස්ථා 09 ක් යටතේ ගෙන
හැර දක්වයි.
1 සාපරාධී
චර්යාව උගත් චර්යාවකි.
යමෙක් සාපරාධී
චර්යාවන් අභ්‍යන්තරීකරණය කර ගනු ලබන්නේ ඉගෙනුමෙනි. පුද්ගලයා අපරාධකරා යොමු කරවන
යම් යම් සහජාසයානුගත මූලයන් නොපවතී. එනම් පුද්ගලයෙකු උපතින් අපරාධකරුවෙකු නොවේ.
සමාජ ජීවිතයට අනුගත වීමේ ඉගෙනුම් කි‍්‍රයාවලිය තුළින් පුද්ගලයා සාපරාධී චර්යාවන්
ඉගෙන ගනී. එමෙන්ම සෑම අයෙකුගේම අපරාධකාරී චර්යාවන් එක හා සමාන නොවේ. අපරාධ අතර
දැකිය හැකි එම පෞද්ගලික විෂමතාවලට ද මෙම ඉගෙනුම බලපාන්නේ ය.
2 අපරාධ පිළිබඳ
උගැන්ම අන්‍ය සමාහිත සම්බන්ධතා සංයෝජනයන් හා ප‍්‍රතිචාරයන් තුළින් උද්ගත වේ.
මානව සමාජය
පුද්ගල සබඳතා ජාලයකි. එහි දී අන්තර් පුද්ගල සන්නිවේදනය මානව සමාජයේ පැවැත්මට ඉතා
වැදගත් වේ. මිනිසා අපරාධකාරී චර්යාව සම්බන්ධව මූලිකව ඉගෙන ගනු ලබන්නේ සන්නිවේදනයේ
දී අන් පුද්ගලයන් සමඟ පවත්වනු ලබන සහසම්බන්ධතාවන් සහ අන්තර් කි‍්‍රයාවන් මගිනි.
මෙහි දී පුද්ගල සම්බන්ධතාවන්ගේ ස්වභාවය සහ එකිනෙකා කෙරෙහි දක්වනු ලබන ප‍්‍රතිචාරයන්
බලපානු ලැබේ. සමහර සමාජීය පරිසරයන්ගේ අන්තර් කි‍්‍රයාවල ප‍්‍රතිඵලයන්ගේ ආදීනව කරණ
කොට ගෙන සාපරාධී චර්යාව උද්ගත වන බැව් සදර්ලන්ඞ් පැහැදිලිවම ප‍්‍රකාශ කරයි.
3 සාපරාධී
චර්යාව සම්බන්ධ උගැන්ම ලබා ගන්නේ ඉතා සමීප පුද්ගල සමූහයක් තුළ ඇතිවන අන්තර්
සහභාගීත්වය කරණ කොට ගෙනය.
සදර්ලන්ඞ් විග‍්‍රහ
කළ අන්දමට සමාජානුයෝජනය තුළින් හැඩගැසෙන පුද්ගලයාගේ චිත්තවේගී චර්යාව මත ආත්මීය
ආකල්ප වැනි ලක්‍ෂණ ජනිත වන අතර එබඳු පුද්ගල සමාගමය හේතුවෙන් අන්‍යයන් තුළ ද වඩාත්
ප‍්‍රබල යැයි සිතිය හැකි සාපරාධී ගති බිහිවිය හැකිය. මෙම සමීප කණ්ඩායම් ලෙස පවුල
සහ මිත‍්‍ර කණ්ඩායම් වැදගත්වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
4 සාපරාධී
ඉගෙනුම් කි‍්‍රයාදාමය තුළ අපරාධකරණය ශිල්පීය දැනුම පමණක් නොව අභිප‍්‍රායන් හැඩගසන
ආකාරය හා පේ‍්‍රරණ ආකල්ප සාධනය ආදිය ද අන්තර්ගත වේ.
අපරාධ පිළිබඳ
ඉගෙනීමේ දී එම චර්යාවට අදාළ පේ‍්‍රරණ හා අභිපේ‍්‍රරණ ආදී ආකල්පමය සාධකයන් ද
ඉගෙනගනු ලබන්නේ එම ඉගෙනුම් කි‍්‍රයාවලිය තුළින්ම ය. එසේම අපරාධ පිළිබඳ උගැන්ම තුළ
ශිල්පීය ඥානයට පරිබාහිරව අරමුණු, අදහස් හා අවශේෂ අංග රැුසක් ද පවතින්නේ ය අපාරාධ පිළිබඳ
ඉගෙනුමේ දී අපරාධ චර්යා පිළිබඳ උගෙන ගැන්ම දෙවිΩධියකින් සිදු වන්නේය. ඒවා නම්,
01. ක‍්‍රමවේදය උගෙනීමෙන්:
සමහර විට මෙම ක‍්‍රමවේදය ඉතා සංකීර්ණ එකක් වෙයි.
තවත් විටෙක ඉතා ලිහිල් හෝ සරල එකක් වෙයි
02. අපරාධ සිදු කිරීමට
තුඩුදුන් සුවිශේෂී අභිපේ‍්‍රරණයන්: පේ‍්‍රරණයන් යුක්තිසහගත කිරීම
හා ආකල්පයන් වටහා ගෙන ඒවායේ ඉලක්කයන් තේරුම්
ගැනීම ආදිය යි.
(රත්නපාල 2007:
109)
5 පුද්ගලයෙකු අපරාධකාරී චර්යාවට යොමු වනුයේ නීතියට
ගරු කිරීමට ඇති නිර්වචන ගණනාවකටම වඩා නීතිය නොතකා හැරීම පිළිබඳ පවතින යම් යම්
අදහස් හා අර්ථකථනයන්ගේ බලපෑම වැඩිවීමත් සමඟ ය.
ඉහත කී අභිපේ‍්‍රරණයන්
හා පේ‍්‍රරණයන් කෙනෙකු ඉගෙන ගන්නේ මෙසේය. පුද්ගලයා වටා ඉන්නා අය (ප‍්‍රාථමික සමූහ*
නීතිය කැඞීම නොකළමනා යැයි කියති. තවත් විටෙක පුද්ගලයා වටා ඉන්නා එවන් අය නීතිය
කැඞීම යෙහෙකැයි ඔහුට උගන්වන අතර ඉන් ලබා ගත හැකි වාසි ගැන ද කියා දෙති (රත්නපාල 2007:
109-110). උදාහරණයක් ලෙස
ධනවතුන්ගෙන් සොරා ගැනීමේ කිසිදු වරදක් නැතැයි පෙන්වා දෙමින් සොරකම් කිරීමට පෙළඹවීම
දැක්විය හැකි ය. එමෙන්ම නීතියේ ආධිපත්‍ය පිළිබඳ ඇති දුර්අවබෝධයන් හා ඒ පිළිබඳ
විශ්වාසයක් නොමැතිකම හේතුවෙන් ද පවතින නීතිය කඩ කිරීමට පුද්ගලයින් පෙළඹේ.
සදර්ලන්ඞ් විසින් මෙහිදී පෙන්වා දෙනුයේ ”නීතිය මායාවකි. එසේ නැත්නම් එක්තරා වරප‍්‍රසාද
ගත් පිරිසකට පමණක් වාසි සහගත පරිද්දෙන් පිළියෙල වී ඇති දෙයකි” ආදී ලෙසිනි. නීතියේ
සර්ව විශ්වීයත්වය පිළිබඳ පවතින පටු දෘෂ්ටිය මෙහි ලා වැදගත් වේ.
6 කාණ්ඩ,
සමූහ සහ අපචාරී
උපසංස්කෘතිකාංග අගයන පිරිස් ආශ‍්‍රයෙන් පුද්ගලයා තුළ අපචාරී යම් යම් පෙළඹවීම් ඇති
වේ.
සදර්ලන්ඞ්
මෙහි දී පෙන්වා දෙන මූලික අදහස නම් සමූහ වශයෙන් සංවිධිතව යම් යම් අපචාරී කි‍්‍රයාවල
නියැළී සිටින්නන් තුළ අභ්‍යන්තරීකරණය වූ යම් අපරාධකාරී චරිතාංග හා අපචාරී ආකල්ප
පරම්පරානුගතව පවත්නා බවය. කෙනෙකු අපචාරයන් හෝ අපරාධවලට නැඹුරු වන්නේ මෙබඳු
උගෙනුමකින් ලබන ප‍්‍රතිඵල අනුව ය. කෙනෙකු අපරාධකරුවෙකු වන්නේ ඔහු අපරාධ කරන්නන්ගේ
ආශ‍්‍රයට වැටී අපරාධ කිරීම වැඩි වාසිදායක එකකැයි ඒ ආශ‍්‍රයෙන් උගත් විටය (රත්නපාල 2007:
110).
7 පුද්ගලයා
වෙනත් ඕනෑම හැසිරීමක් ඉගෙන ගන්නා
ආකාරයෙන් අපරාධකාරී චර්යාවද ඉගෙන ගනු ලබයි.
අප ජීවිතයේ
බොහෝ හැසිරීම් ඉගෙනගනු ලබන්නේ අප අවට පරිසරය නිරීක්‍ෂණයෙනි. අප අවට වූ විවිධ
පුද්ගලයින්, කණ්ඩායම් හා
ආයතනයන් ආදී සමාජ කි‍්‍රයාකාරකයින්ගේ හැසිරීම්, ධර්මතාවන්ට අනුගතව අප අපගේ චර්යාවන් හැඩගසා
ගනී. එසේම අපරාධකාරී චර්යාවන් ද එලෙසම අන්තර් ආශ‍්‍රය තුළින් ඉගෙන ගනු ලබන්නේ ය.
මෙම අන්තර් ආශ‍්‍රය පහත සඳහන් සාධකවල බලපැවැත්වීම් අනුව වෙනස්වීමට පත්වෙයි.
(අ) සංඛ්‍යාතය
(වාරගණන)
(ආ) රඳා පවත්නා
කාලය
(ඇ) ප‍්‍රමුඛත්වය
(ඈ) සැර
(රත්නපාල 2007: 111)
සදර්ලන්ඞ් මෙම
සාධකයන් ඉදිරිපත් කරනු ලැබුවේ අපරාධකාරී චර්යාව මෙන්ම අපරාධකාරී නොවන චර්යාව යන
චර්යාවන් දෙවර්ගයම සඳහා ය. සංඛ්‍යාතය ලෙස මෙහි දී අදහස් කරනු ලැබූවේ අපරාධකාරී හෝ
අපරාධකාරී නොවන චර්යාවන් සංසිද්ධීන් සමඟ ගැටෙන වාර ගණනයි. ගැටෙන වාර ගණන වැඩි වන
විට එම චර්යාවේ බලපෑම ද වැඩි වේ. උදාහරණයක් ලෙස නිතර නිතර මත්පැන් පානය කරන
පුද්ගලයා එම වාර ගණන වැඩි වන විට මත්පැන් සඳහා ඇබ්බැහි වී බේබද්දෙකු බවට පත් විය
හැක.
රඳා පවත්නා
කාලය නම් එම චර්යාවේ කෙතරම් කාලයක් යෙදී සිටියේ ද යන්නයි. එලෙස නිරත වී සිටින කාලය
වැඩි වන්නේ නම් එහි බලපෑමද ඉහළ යන්නේ ය. ප‍්‍රමුඛත්වය නම් මෙම චර්යාවන් සමඟ
සම්බන්ධ වන ආකාරයයි. එම චර්යාත්මක අත්දැකීම ලබනුයේ ළමා වියේ දී නම් එය වඩාත්
බලපෑම් සහගත වන්නේ ය. සැර යනු එම චර්යාව නැතිනම් සංසිද්ධිය පැමිණි මූලාශ‍්‍රයේ
ස්වභාවයයි. එනම් කුමන ආකාරයේ පුදගලයන් හෝ සමාජ කණ්ඩායම් තුළින් ද යන්නයි. පවුල හෝ
මිත‍්‍ර කණ්ඩායම් තුළින් අත්දකින්නා වූ චර්යාවන් වඩාත් බලපෑම් සහගත වන්නේ යැයි
සදර්ලන්ඞ් පෙන්වා දෙයි.
8 අපරාධකාරී
හැසිරීම සාමාන්‍ය අවශ්‍යතාවයන් හා හරයන් ආශ‍්‍රයෙන් තේරුම් කළ හැකි ය.
මිනිසා සිය දෛනික
ජීවිතයේ දී අත්දකින්නා වූ සාමාන්‍ය හැසිරීමක් ලෙස සදර්ලන්ඞ් අපරාධ හඳුන්වයි. ඒ
පුද්ගලයින් සිය ජීවිතයේ ඒ ඒ ප‍්‍රපංචයන් විවිධ ආකාරයෙන් අර්ථකථනය කර ගනු ලබයි. ඔහු
සිය අවශ්‍යතාවන් තෝරාගනු ලබන්නේ හා සපුරාගනු ලබන්නේ එකී අර්ථකථනයන්ට අනුකූලව ය. ඒ
අනුව අපරාධකාරී චර්යාවන් ද පුද්ගල ජීවිතයේ අර්ථකථනයන් හා අවශ්‍යතාවයන් සමඟ සම්බන්ධ
වේ. කිසි විටෙකත් අපරාධ මිනිසාගේ අවශ්‍යතාවයන් හා හරයන්ගෙන් විනිර්මුක්තව නොපවතී.
9 අපරාධකාරී
ඉගෙනුමේ දී වඩාත් තීරණාත්මක වනුයේ අපරාධ කරනු ලබන ආකාරයයි.
අපරාධයක්
සැලසුම් කිරීම, එහි නියුක්ත
වීම, ඉන් බේරී යාම,
එහි ප‍්‍රතිඵලය භුක්ති
විඳීම ආදී අංශයන්ට අදාළව අපරාධ කරනු ලබන්නා වූ ආකාරය පිළිබඳ උගැන්ම අපරාධකාරී
චර්යාව ඉගෙන ගැනීමේ දී වැදගත්ම අංශයයි.
සදර්ලන්ඞ්
අපරාධ යන්න අනෙක් සෑම චර්යාවක් ලෙසටම ඉගෙන ගන්නා වූ සාමාන්‍ය චර්යාවක් ලෙසත් එයට
අදාළ ආකල්පයන් ද හරයන් ද සමාජයේ සමීප කණ්ඩායම් මගින් ඉගෙන ගන්නා බවත් පෙන්වා දෙයි.
සදර්ලන්ඞ්ගේ මෙම න්‍යාය විටින් විට සංශෝධනය විය. එහෙත් මෙහි මූලධර්මය වූයේ අපරාධ
ඉගෙනුම් කි‍්‍රයාවලිය තුළින් පුද්ගලයා විසින් අභ්‍යන්තරීකරණය කර ගන්නා බවයි.
සයිබර් අවකාශය
තුළ ද මෙලෙස අපරාධකාරී චර්යාවන්ට අදාළ ආකල්ප හා ක‍්‍රමවේදයන් සයිබර් අවකාශය තුළින්
මෙන්ම මාර්ගගත මිත‍්‍ර කණ්ඩායම් තුළින් ද ඉගෙනීම සිදුවේ.

Comments
Post a Comment